ඩොලරයකට මහ බැංකුවෙන් රු.8ක දිරි දීමනාවක්

දෙසැ 02, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව, මෙරට රුපියල් වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 8ක අමතර දිරි දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. එය ඊයේ සිට ලබන 31 දක්වා ක්‍රියාත්මකයි.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරිදීමනා යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබාදෙන අමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් දෙකක දිරි දීමනාවට අමතරවයි, මෙය ලබා දෙන්නේ.

    ඒ අනූව, අමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ලැබෙන මුළු දිරිදීමනාව රුපියල් 10ක් වෙයි. මේ නිසා විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් මෙරටට ආකර්ශනය වනු ඇති බවට, ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

    එමෙන්ම දේශීය, විදේශ විනිමය වෙළෙඳපොළේ ‍විදේශ මුදල් ද්‍රවශීලතාව ඉහළ යාම ද අපේක්ෂාවයි. අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණක්.

    Latest News