රත්මලානේ අංජුගේ සඟයින් දෙදෙනෙක් අල්ලයි

දෙසැ 02, 2021

    විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි, ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ විශේෂ කාර්ය බළකාය විසින් රත්මලාන ප්‍රදේශයේදී.

    වැටලීම සිදු කෙරුණේ, විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනූවයි. එහිදී ඉන්දික සුරංග සොයිසා නොහොත් ලන්සියාවත්තේ සුද්දා සහ පල්ලගේ කිත්සිරි ප්‍රේමලාල් සිල්වා යන අය අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 110ක්, කේරළ ගංජා ග්‍රෑම් 46කට අධික ප්‍රමාණයක් හා ජංගම දුරකථන දෙකක් සොයා ගෙන තිබේ. මෙම සැකකරුවන් මනුෂ්‍ය ඝාතන 5ක් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇප මත මුදා හැර සිට ඇති බවයි, වාර්තා වන්නේ.

    ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News