මුදල් ඇමති - මෝදි හමුව අද

දෙසැ 02, 2021

    ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතයි.

    දිල්ලිහිදී අද (02) දිනයේ එම හමුව සිදුවනු ඇති බවයි, වාර්තා වන්නේ.

    බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (01) දිනයේ ඉන්දීය සංචාරයක් බලා දිවයිනෙන් පිටත්ව ගියේය. එහිදි මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.නිර්මලා සීතා රාමන් මහත්මිය මුණ ගැසිණ. හමුව සිදුවුයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී. දෙරට අතර ආර්ථික සහයෝගීතාවට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට ලක්විය.

    ඉන්දියාව, ක්ෂේත්‍ර ගණනාවකින්, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආර්ථික සහයෝගීතාව පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.
    දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්‍රම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ද සාකච්ජාවට එක්ව සිටියේය.

    Latest News