ලෝක ඒඩ්ස් දිනය අද

දෙසැ 01, 2021

    ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.

    ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දින සමරනු ලබන්නේ ඒඩ්ස් පිළිබද දැනුවත් කිරීම, කොන් කිරීම හා වෙන් කොට සැලකීම පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහයවීම අරමුණු කරගෙනයි.

    1987 වසරේ දී පළමු එච්.අයි.වී ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් සොයාගත් අතර මේ වන විට නිල වශයෙන් හඳුනා ගෙන ඇති සංඛ්‍යාව 3,700ක් පමණ වෙයි.

    එච්.අයි.වී. ආසාදනය වී ඇත්දැයි, කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවන ඕනෑම අයෙකුට සාමාන්‍ය ජිවිතයක් ගත කළ හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    ඒ අනුව, අවදානම ඇති සෑම අයෙකුම එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවකට යොමුවීම අතිශය වැදගත්.

    අවදානම් ලිංගික හැසිරීම් සහ රෝගය වැළැදී ඇති බොහෝ දෙනෙකු ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිවීම නිසා ප්‍රතිකාර වෙත යොමු නොවීම, රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති ප්‍රධාන සාධකයක්.

    එවැනි අවදානමකට ලක්වූ ගර්භනී කාන්තාවක නම්, එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවක් මගින් ඒ බව තහවුරු කරගෙන දරුවාට වැළැදීම වළක්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

    Latest News