පාස්කු නඩුවට, පොලිස්පති අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

නොවැ 29, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද හය වන දිනටත් සිදු කෙරිණ.

    අද දින සාක්ෂි දීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ වී තිබේ.

    වැඩිදුර නඩු විභාගය පැවැත්වෙයි.

    Latest News