දිවයිනේ මැතිවරණ කොට්ඨාස 160ක මාර්ග 160ක් සංවර්ධනය ඇරඹේ

නොවැ 22, 2020

    දිවයිනේ මැතිවරණ කොට්ඨාස 160ක මාර්ග 160ක් සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය, කපුදූව, අන්තර් පිවිසුම අසලදී අද (22) ආරම්භ කෙරිණ.

    ඒ් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වෙයන්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය නිමිති කර ගනිමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරේ. "රට හදන සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යටතේ, මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධනයට නියමිතයි.

    දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය යටතේ, කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදි කෙ‌රේ. නව කපුදූව අන්තර් හුවමාරුව ඉදිකිරීම තුළින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට මාතර, හක්මන මාර්ගයට පහසුවෙන් පිවිසිමේ හැකියාව පවතී. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 387.5ක්. මාස 6ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ නිමල් ලංසා, කාංචන විජේසේකර යන රාජ්‍ය අමාත්‍යවරුන් ද, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිපුණ රණවක මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසීන් මේ අවස්ථාවට ඒක්ව සිටියහ. මේ අතර මාර්ග කිහිපයක සංවර්ධන ව්‍යාපෘති ද ආරම්භ කෙරිණ.

    මීරිගම, ගනේගොඩ ග්‍රාමීය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණ්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන්. රුපියල් ඒක්කෝටි 58 ලක්ෂයක් මීට වැය කෙරේ. මේ මාර්ගයට සමගාමීව මීරිගම තවත් මාර්ග 10ක් සංවර්ධනයට අපේක්ෂිතයි.

    මිනුවන්ගොඩ, ඔිපාත-නැහැල ප්‍රදේශයේ අතුරු මාර්ගය කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 121ක් සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් ඒක්කෝටි තිස් දෙලක්ෂයක්.

    කඩුවෙල කොට්ඨාසයේ, නවගමුව සහ බටේවල ප්‍රදේශ යාකරමින් දිවෙන කැකිරිවෙල මාර්ගය සංවර්ධනය ද අද ආරම්භ කෙරිණ. ඒ් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගයේ කිලෝමීටර් 3.5ක් මේ යටතේ සංවර්ධනය කෙරේ. උඳුගොඩ-නාකඩමුල්ල දැඩිගමුව මාර්ගයේ කිලෝ මීටර් 1.01ක සංවර්ධන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණ.

    අතුරුගිරිය-සඳසිරපුර බෝධිරාජ මාවත සහ ප්‍රගතිපුර සුගති මාවත, කිලෝ මීටර් 1.64ක් ද, සංවර්ධනයට නියමිතයි. මාර්ග තුනට වැය කෙරෙන මුදල රුපියල් හය කෝටි 85න් ලක්ෂයක්.

    හැටන් කොටගල-ක්‍රිස්වස්ෆාම් කේ.ජී.කේ. මාර්ගය ද කාපට් අතුරා සංවර්ධනය කෙරේ. දුර ප්‍රමාණය කිලෝ මීටර 44ක්. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු පිරිසක් ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඒක්ව සිටියහ.

    මඩකලපුව, ග්‍රාමීය මාර්ග 127ක් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබේ. කලවන්චිකුඩි පලුකාමම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News