යල කන්නයේ අර්තාපල් වගා කළ ගොවීන්ට මුදල් ලබාදීම යළි ඇරඹේ

නොවැ 22, 2020

    යල කන්නයේ අර්තාපල් වගා කළ ගොවීන්ට ඒම බීජ වෙනුවෙන් වැය වූ මුදල් යළි ලබාදීම ආරම්භ කර තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට බීජ අර්තාපල් සඳහා රුපියල් මිලියන 449ක් මේ වනවිට ගෙවා අවසන්.

    කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය අතිරේක ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන යටතේ, වගා කරනු ලබන බීජ වර්ග 15ක් සඳහා මේ සහන ලබාදීමට පියවර ගෙන තිබේ.

    ඉකුත් මාර්තු 15 සිට සැප්තැම්බර් 30 දක්වා කාල සීමාවේ අර්තාපල් වගා කළ, බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිය ඉඩම්වල රජයේ නිර්දේශ මත, වගා කෙරුණු බීජ ප්‍රමාණ ගණනය කර, අදාළ ගෙවීම් කිරීමට නියමිතයි. රජයේ බීජ සහන වැඩසටහන යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි.

    Latest News