ඉසෙඩ්-ඩී ඇළට වැටී සිටි අලියා බේරා ගනී

නොවැ 22, 2020

    පොළොන්නරුව වීරාණ ප්‍රදේශයේ දී ඉසෙඩ්-ඩී ඇළට වැටී සිටි වන අලියෙක් ඊයේ බේරා ගනු ලැබීය.

    මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින්.

    වෙහෙරගල රක්ෂිතයේ සිට බීමට ජලය සොයා පැමිණ ඇති වන අලියා ඇලේ සැඩ පහරට හසුව කිලෝමීටර 8ක් පමණ දුරට ගසාගෙන ගොස් තිබේ.

    පැය 3ක පමණ මෙහෙයුමකින් අනතුරුව බමුණාපොත රක්ෂිත ප්‍ර දේශයේ දී අලියා ගොඩ ගැනීමට හැකිවිය. යකඩ දම්වැලක් යොදා සෑදු ඉනිමඟක ආධාරයෙන් බේරා ගනු ලැබූ අලියා රක්ෂිත ප්‍රදේශයට පලවා හරිනු ලැබීය.

    Latest News