ලංකාව මගේ ගෙදර වගේ

අගෝ 22, 2023

    පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී හෙළි කළේ තමා ටෙස්ට් තරඟාවලියට සහ පසුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියට ක්‍රීඩා කළ නිසා ශ්‍රී ලංකාව දැන් තමාගේ දෙවන නිවස වැනි බවයි.

    බාබර් මේ බව කියා සිටියේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර හම්බන්තොටදී අද ආරම්භ වන එක්දින තරඟාවලියට පෙරයි.

    “ශ්‍රී ලංකාව දැන් මගේ දෙවන නිවස වගේ දැනෙනවා. මම මාස කිහිපයක් මෙහි ඉන්නවා. මෙහෙ ලංකාවට එරෙහිව ටෙස්ට් ගැහුවා, ඊට පස්සේ LPL ගැහුවා, දැන් අපිට ඇෆ්ගනිස්තාන් ODI තියෙනවා, ඊට පස්සේ ආසියානු කුසලානය මෙතන තියෙනවා. ඔය අතරේ දවස් දෙකයි පකිස්තානේ ගියේ.”

    Latest News