සාදු දළඳා සමිඳු පුදමු

අගෝ 16, 2023

    මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යය හෙට ආරම්භ වනවා.

    ඒ, අලුයම සිදු කෙරෙන කප් සිටුවීමේ චාරිත්‍රයෙන්.

    මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ ආරම්භක චාරිත්‍රය වන කප් සිටුවීමට අදාළව කප කැපීම අද අලුයම සුබ‍ මොහොතින් සිදු කෙරුණා. ඒ, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී. කප් සිටුවීමේ චාරිත්‍රය, මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය මුල් කර ගෙනයි,

    සිදු කෙරෙන්නේ. කප කැපීමේ අවස්ථාවට එහි බස්නායක නිලමේ මහේන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අලුත්නුවර දැඩිමුන්ඩ දේවාල පරිශ්‍රයේ සිට කප රැගත් පෙරහර අද උදේ පිටත් වුණා. මහනුවර දක්වා කප රැගෙන ගියේ අලි ඇතුන් සහිත අලංකාර පෙරහරකින්.

    ඉපැරණි චාරිත්‍රානුකූලව කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ පිහිටි දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කෙරුණා. එහිදී, අද සවස කප කොටස් 4 කට කපා වෙන් කෙරුණා. අනතුරුව, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාලවලට බෙදා ගනු ලැබුවා. එම කප සිව් මහා දේවාලයන්හිදී සිටුවීමේ චාරිත්‍රය හෙට අලුයම සිදු කිරීමට නියමිතයි.

    Latest News