කැමරාවෙන් ලොවට සුව ගෙනෙන දොස්තර මහත්තයා.

අගෝ 15, 2023

    විනෝදාංශයකට පුළුවන්නම් රටක්  ජත්‍යන්තර තලයට  ගෙන යන්න, එය මොනතරම් දෙයක් ද? මේ එවැන්නක්.  විනෝදාංශයෙන් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන  ගිය වෛද්‍යවරයෙක් ගැනයි මේ.

    ලලිත් ඒකනායක මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහු වසර ගණනාවක සිට වනජීවි ඡායාරූපකරණයේ නිරත වනවා.  මෙරට මෙන්ම ලෝකයේ විවිධ රටවල වනජීවි ඡායාරූප ලබා ගැනීම ඔහුගේ විනෝදාංශයයි.


    ‍මේ වසරේ දි ජාත්‍යන්තර තරග රැසක ජයග්‍රහණ හිමි කර ගැනීමට ලලිත් ඒකනායක මහතා සමත් වුණා. රුමේනියාවේ - මිල්වස් වනජීවි ඡායාරූප තරගයට ලෝව  නන්දෙසින් ඉදිරිපත් වූ ඡායාරූප අතරින්  ඔහු ප්‍රථම ස්ථානය ලබා ගත්තා.

    ඉන්දියාවේ "නේචර් ඉන් ෆෝකස්" තරගාවලියේ කොන්සවේෂන් අංශයේ ප්‍රථම ස්ථානය සහ "පෝර්ට් ෆෝලියෝ" කාණ්ඩයේ ස්පෙෂල් මෙන්ෂන් ජයග්‍රහණය ලබා ගත්තේ ද ලලිත් ඒකනායක මහතා යි. මිට අමතරව ඉතාලිය, ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව වැනි රටවල් රැසක පැවති ඡායාරූප තරගවලින් ජයග්‍රහණ ලැබීමට ද ඔහු සමත් වුණා.

    ලලිත් ඒකනායක මහතා රෝගීන්ව සුවකරනවා වගේම, ඡායාරූපකරණය මගින් බොහෝ දෙනාගේ සිත් සුවපත් කිරීමට ද වෙහෙසෙනවා. ඔහු,
    ශ්‍රී  ලංකා නාමය ලොව පුරා පතුරුවන්නට විශාල මෙහෙවරක් සිදු කරන පුද්ගලයෙක්.

    Latest News