රුසියාවේ අද ශෝක දිනයක්, 153 කට ජීවිත අහිමි වෙයි

මාර් 24, 2024

    මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 153 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

    මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකු එම ස්ථානයෙන් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

    මෙම වෙඩි තැබීම සඳහා ත්‍රස්තයන් විසින් ස්වංක්‍රීය ගිනි අවි යොදා ගෙන ඇති බව සඳහන්.

    ප්‍රහාරයට ත්‍රස්තයන් සිව් දෙනෙකු පැමිණ ඇති බව සැක කරන රුසියානු ආරක්ෂක අංශ ඔවුන්ගේ ඡායා රූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

    ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක පිට පුද්ගලයන් 11 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අතර ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ යැයි සැක කෙරෙන සිව් දෙනාද අයත්.

    ත්‍රස්තයින් පලා ගිය වාහනය හඹා ගිය ආරක්ෂක අංශ ප්‍රහාරය සිදු වූ ස්ථානයට කි.මී 387ක් දුරින් රුසියාවේ බ්‍රියන්ස් කලාපයේදී මෙම සිව් දෙනා අත්අඩංගුවට ගත්තා.

    ප්‍රහාරයට සම්බන්ධ එක් ත්‍රස්තවාදියකු ප්‍රහාරය සම්බන්ධව පාපොච්චාරණයක්ද සිදු කර තිබෙනවා. එහිදී ඔහු කියා තිබෙන්නේ ටෙලිග්‍රෑම් ඔස්සේ ලබා දුන් තොරතුරු අනුව ප්‍රහාරය සිදු කළ බවයි.

    මාසයකට පමණ පෙර අයි එස් සංවිධානය විසින් ඔවුන්ගේ දේශන හරහා මෙම මනුශ්‍ය ඝාතන සඳහා මෙම ඝාතකයින් එකඟ කර ගෙන තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ මුදල් ලබා ගෙන බවද ත්‍රස්තවාදියාගේ පාපොච්චාරණයේ සඳහන්.

    රුසියානු ජනපති වරයා විසින් අද එරට ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා. සියලු ත්‍රස්තයින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් පමුණවන බවත් ජනපති වරයා පවසනවා.

    ජනාකීර්ණ ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය සියලුම අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2024 11:45

    Latest News