රුසියාවේ අභිරහස් මිසයිලය

අප්‍රේ 13, 2024

    රුසියාව, නවතම මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.


    මෙය නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යා හැකි මිසයිලයක් බවයි, රුසියාව පවසන්නේ.

    නව මිසයිලය, නවීන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් බව, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අතිශය රහසිගත ලෙස මිසයිල ව්‍යාපෘතියේ අත්හදා බැලීම් සිදු කෙරුණේ, රුසියාවේ අස්ට්‍රකාන් ප්‍රදේශයෙදී.

    එය සාර්ථක බවයි, රුසියානු හමුදාව පවසන්නේ. ජංගම මිසයිල විදිනයක් භාවිත කරමින්, මෙම මිසයිලය අත්හදා බලා තිබෙනවා. රුසියානු හමුදාව පවසන්නේ, දේශීය මිසයිලවල ඉහළ විශ්වාසනීයත්වය රටේ උපායමාර්ගික ආරක්ෂාව තහවුරු කරන බවයි.

    මෙහි තාක්ෂණික ක්‍රමවේදය කුමක් ද යන්න, රුසියාව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

    ඉරානය නුදුරේදීම ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි, තමා අපේක්ෂා කරන බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඊශ්‍රායලය විසින් මේ මස මුලදී ඉරානයේ ඉහළ පෙලේ අණ දෙන නිලධාරීන් මරා දැමූ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවයි බයිඩන් පවසන්නේ.

    සිරියාවේ, ඉරාන කොන්සල් කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල ‍නොකළ බව, ඊශ්‍රායලය පවසනවා. නමුත්, ඉරානය පවසන්නේ, එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බවයි. එල්ල විය හැකි ප්‍රහාරයකින් තමන් ආරක්ෂා වීමට සූදානම් බව, ඊශ්‍රායලය කියා සිටිනවා.

    කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායලය ඉල්ලක කරගෙන එල්ල කරන ප්‍රහාරවලින් වළකින ලෙසයි. තමා ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බවත් අමෙරිකාව පවසනවා.

    Latest News