ස්පේස් එක්ස් අලුත් ම ගමන

මැයි 22, 2023

    ස්පේස් එක්ස් සමාගම, සිය නවතම රො‍කට්ටුව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

    එය අද අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතයි. ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් මෙම මෙහෙයුම සඳහා පළමු වරට සෞදි අරාබි කාන්තාවක ද එක්ව සිටීම විශේෂත්වයක්. ඇයට අමතරව, සෞදි අරාබි තවත් ගගනගාමියෙකු, අමෙරිකානු ව්‍යාපාරිකයෙකු සහ එරට කාන්තා ගගනගාමියෙකු ඊට අයත්.

    ඔවුන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සතියක කාලයක් ගත කර යළි පෘථිවියට ළඟා වීමට නියමිතයි. මීට එක්වන සෞදි ජාතික කාන්තාව, රෙයියානා බර්නාවි නමැති පියයුරු පිළිකා සම්බන්ධ පර්යේෂකවරියක වන අතර, අනෙක් සෞදි ජාතිකයා එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවෙකු වන අලී අල් කර්නි. සෙසු සාමාජිකයන් වන්නේ, නාසා ආයතනයේ හිටපු ගගනගාමියෙකු සහ තෙවරක් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ‍ගිය පෙගී විට්සන් හා ව්‍යාපාරිකයෙකු වන ජෝන් ෂො‍ෆ්නර් යන අයයි.

    Last modified on සදුදා, 22 මැයි 2023 17:15

    Latest News