ළමුන් 19ක් දැවීගිය ගින්න

මැයි 23, 2023

    ගයානාවේ පාසලක ඇතිවූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර ගැහැණු ළමුන් 18 දෙනෙක් ද සිටිනවා.

    ඊයේ (22) මධ්‍යම රාත්‍රී එම ගින්න හටගෙන තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

    මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපතිවරයා විසින් එරටට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News