ගෝලීය වියතුන්ගේ මාධ්‍ය සංවාදය චීනයේ බෙයිජිං හිදී...

ජූලි 06, 2022

    "ගෝලීය සංවර්ධනය: පොදු මෙහෙවර සහ ක්‍රියා වටිනාකම" තේමාවෙන් වියතුන්ගේ මාධ්‍ය සංවාදය චීනයේ බෙයිජිං හිදී පැවැත්වෙයි.

    4 වැනිදා ඇරඹුණු මෙවර සාකච්ඡාව සඳහා චීන රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය විසින් සත්කාරකත්වය සැපයිණ. ලොව පුරා රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ 200කට අධික පිරිසක් මෙම සමුළුවට මාර්ගගතව සහ මාර්ගගත නොවන ආකාරයෙන් සහභාගි වූහ.  

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Huang Kunming මහතා සමාරම්භක උත්සවයට සහභාගි වූ අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩය කියවා ප්‍රධාන දේශනය ද පැවැත්වීය.  

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා බලපාන හේතු වෙනස් වෙමින් පවතින තීරණාත්මක මොහොතක, ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරීම යෝජනා කළ අතර එය ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහ උද්යෝගිමත් සහයෝගය හිමි කරගෙන ඇතැයි Huang Kunming මහතා මෙහිදී පැවසීය. මෙම මුලපිරීම තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සහ ගෝලීය සංවර්ධන සහයෝගීතාව සඳහා ද ගාමක බලයක් සපයා ඇත. පොදු සමෘද්ධිය සාක්ෂාත් වන ගෝලීය සංවර්ධනයේ නව යුගයක් නිර්මාණය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව‍ Huang Kunming මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News