ලොව ධනවත්ම රටෙත් උද්ධමනය

ජූලි 06, 2022

    ‍‍‍ලොව රටවල් රැසක් දරුණු ආර්ථික අවපාතයන්ට ලක් වෙමින් තිබෙනවා. ලොව ධනවත්ම රට ලෙස සැලකෙන “ලක්සම්බර්ග්” හි උද්ධමනය මේ වසරේ මැයි මාසය වන විට සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

    බටහිර යුරෝපයේ පිහිටා ඇති “ලක්සම්බර්ග්” ලොව ඉහළම ඒකපුද්ගල ආදායම් සහ අඩුම විරැකියා අනුපාතයක් සහිත රටක් ලෙසයි, සැලකෙන්නේ. ගෝලීය ආර්ථික දත්ත වාර්තාවන්ට අනුව, එරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් එක් ලක්‍ෂ 35 ,000 ඉක්මවනවා. රටේ මුළු ජනගහනය 6 ලක්‍ෂ 29,000 කට අධික බවයි, වාර්තා වන්නේ. රටක ඒකපුද්ගල ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය එරට ආර්ථික සමෘද්ධීය පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක්.

    ඒ අනුව, “ලක්සම්බර්ග්” එහි ඉදිරියෙන්ම පසුවන රටක් ලෙසයි, සැලකෙන්නේ.  එරට ඉහළ දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රධාන හේතුව රටේ ශ්‍රම බලකායෙන් බොහෝ පිරිසක් අසල්වැසි යුරෝපා රටවල ජීවත් වීම බව, ලෝක ආර්ථික සංසඳය පවසනවා.      

    කෙසේ  වුවද, එවන් ස්ථාවර ආර්ථිකයක් පැවති “ලක්සම්බර්ග්” හි උද්ධමනයද මේ වන විට ඉහළ ගොස් තිබීම ‍කැපී‍ පෙනෙන කරුණක්. ‍ ඉකුත් මැයි මස වාර්තා වූ සියයට 6.8 ක ඉහළ උද්ධමන අනුපාතය එරටින් වාර්තා  වූ ඉහළම උද්ධමන අනුපාතයයි. 2021 පෙබරවාරි මාසයේ දී.

    එය සියයට 0.09 ක් වැනි අවම අගයක පැවතීම ද, කැපී පෙනෙන කරුණක්. තුර්කිය, ජර්මනිය, බ්‍රිතාන්‍ය පමණක් නොව අමෙරිකාව වැනි රටවල් ද දිනෙන් දින උද්ධමනය ඉහළ යන, සංවර්ධිත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් වීම වීශේෂත්වයක් බවයි, ගෝලීය ආර්ථික වි‍ශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

                    

    Last modified on බදාදා, 06 ජූලි 2022 11:10

    Latest News