ඇෆ්ගනිස්ථාන කතුන්ට තනිව දුරගමන් තහනම්

දෙසැ 28, 2021

    ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ.

    ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වෙයි.විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඇෆ්ගනිස්ථානය යළි 2001 වසරට පෙර පැවති තත්වයට පත් වෙමින් සිටින බවයි. ඔවුන් දිනෙන් දිනම කාන්තාවන්ට එරෙහි අසාධාරණ නීති පනවමින් සිටියි.

    බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ වසරේ අගෝස්තු මාසයේ දී තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකින බවට පොරොන්දු ලබා දුන්නත් මේ වන විට ඔවුන් කාන්තාවන්ට එරෙහි දැඩි නීතිරීති රැසක් පනවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 දෙසැම්බර් 2021 11:41

    Latest News