ඔමික්‍රෝනා ආසාදිත රටවල් 106ක්

දෙසැ 23, 2021

    මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    අද වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් රටවල් 106කින් හමුවී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඊයේ ජපානයෙන් ද මුල්වරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනා ගනු ලැබීය.

    ඒ සමඟ ජපානය ද කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබේ.

    එක්සත් රාජධානියෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගනු ලැබූ අතර එරටින් ලක්ෂය ඉක්මවූ පිරිසක් හමුවූයේ පළමු වරටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 දෙසැම්බර් 2021 11:33

    Latest News