පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සංචිතයේ ක්‍රීඩකයින් 5ක් ඉවතට

ජන 20, 2021

    එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 5ක් දෙවැනි තරගයේ සංචිතයෙන් ඉවත් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිල වශ‍යෙන් නිවේදනය කළේය.

    නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් මෙලෙස ඉවත්කර තිබේ. දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් ඉවත් කර ඇති අතර, කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථකවීම නිසා ඉවත්කර ඇති බව වාර්තාවේ.

    එංගලන්ත-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    Latest News