එංගලන්ත පිලට කඩුලු 7ක ජයක්

ජන 18, 2021

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්තය අද සමත්විය.

    තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 135ක් රැස් කළ අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 421ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාව දෙවැනිම ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 359ක්. ඒ අනුව, තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 74ක්.

    අද අවසන් දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 38ක් ලබා සිටියේය. ඔවුන් අද දිනය සඳහා කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී සීමාව පසු කළේය.

    එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

    Latest News