අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 - බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථ, බස් නැවතුම්පොළවල් සහ දුම්රියපොළ විෂබීජානුහරණය කිරීම සිදු කෙරිණි.

හම්බන්තොට රෝහල ඉදිරිපිට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

පසුගිය රජය සමයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

update- හම්බන්තොට, මිරිජ්ජවිල ඉන්ධ පිරිපහදුවේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ඇරඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබීම සිදු කෙරිණ.

Latest News