update-ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය; හම්බන්තොට තෙල් පිරිපහදුව ඇරඹීමට අගමැති මුල්ගල තබයි

මාර් 24, 2019

    update- හම්බන්තොට, මිරිජ්ජවිල ඉන්ධ පිරිපහදුවේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ඇරඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබීම සිදු කෙරිණ.

    (8.00pm) ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය - හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ඇරඹේ

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

    අක්කර 200ක භූමි භාගයක් පුරා ඉදි කිරීමට නියමිත නව තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් ඇතුළත නිම කිරීමට නිමිතය. මෙමගින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථාව 2000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත. මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු එය දේශීයව පමණක් නොව විදේශයන්ට මෙම තෙල් අපනයනයනය කිරීමෙන් මෙරට අපනයන ආදායම බිලියන 7කන් පමණ වැඩි කර ගැනීමට හැකි බව මේ පිළිබඳව අදහස් දක්වමින් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. දැනට ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙන් පස් ගුණයක ධාරිතාවක් ඇති මෙමගින් දෛනිකව බැරල් ලක්ෂ 02ක් පමණ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ.

    මේ සඳහා සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් ආයෝජනය කරන අතර මෙය හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුදල මෙන් තුන් ගුණයකි. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ සක්‍රීය වරායන් බවට පත් කිරීම මෙහි අරමුණයි.

    මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත අනෙක් ව්‍යාපෘතිය වන සිමෙන්ති කර්මාන්ත ශාලාව මගින් වසරක් තුළ මෙට්ට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කල හැක. අක්කර 64ක භූමියක් පුරා ඉදි කෙරෙන මෙම කර්මාන්තා ශාලාව ඉදි කෙරේ. මාස 18 ක් ඇතුළත මෙහි වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන බවත් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් මෙමගින් උදා වන බවත් අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 11:54

    Latest News