ලුණුගම්වෙහෙර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි

මැයි 17, 2019

    ලුණුගම්වෙහෙර පොලිස් වසමේ, කුඩා ගම්මාන 01-02, පවම් ඉවුර, බෙරලිහෙල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත
    කර ඇත.

     ඊයේ (16) රාත්‍රී 09.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

    ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.

    පොලීසිය පැවසුවේ නිවසේ පැවති මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

    සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

    වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

    ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 09:11

    Latest News