ඉන්ධන කෝටාව ඉදිරි මාසවලදී ඉහළට - ඇමති කංචන කියයි

මැයි 26, 2023

    ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය අනුව නිකුත් කරන ඉන්ධන කෝටාව ඉදිරි මාසවලදී ඉහළ දමන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා  පවසනවා.

    ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, ඛනිජ සහ අලෙවි අංශ සමග ඊයේ පැවති සාකච්ඡාවකදී, මෙම තීරණය ගත් බවයි.  ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ භාණ්ඩ සැලැස්ම, මූල්‍ය හා බෙදාහැරීමේ සැලසුම් ද එහිදී සමාලෝචනය කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 26 මැයි 2023 17:54

    Latest News