උත්සව සමයේ විශේෂ පොලිස් මෙහෙයුමක්

දෙසැ 16, 2021

    එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ, පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මේ වනවිටත් බස්නාහිර පළාත තුළ විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති බවයි.
    සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම,රථවාහන හැසිරවීම්,කූඨ වෙළෙන්දන්ගේ කටයුතු හා නගරාශ්‍රිතව ගැවසෙන ගැටකපන්නන්ගේ ක්‍රියා පාලනය කිරීම සඳහා එම නිලධාරීන් යොදවා තිබේ.
    පසුගිය වසරවල වාර්තාවලට අනුව දෙසැම්බර් මස අවසන් සති දෙකක පමණ කාලය දිවයිනේ රිය අනතුරු වැඩි වශයෙන්ම වාර්තා වන කාලසීමාවක්.
    මේ හේතුවෙන් රථවාහන හැසිරවීම් හා මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News