අයිස් මත්ද්‍රව්‍ය නියාමකට දී පලාගිය සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

ජූලි 25, 2020

    අයිස් මත්ද්‍රව්‍ය රැගෙනවිත් සුරාබදු නියාමකවරයෙකුට ලබාදී පලා ගිය පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඊයේ රාත්‍රී පුත්තලම නගරයේදී, ඔහු අල්ලා ගත් බවයි, පුත්තලම පොලීසිය පවසන්නේ. කඩුගන්නාව ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන සැකකරු පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවයට පැමිණ ඇත්තේ, ඉකුත් ජනවාරි මාසයේදී.

    මොහු විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125ක ප්‍රමාණයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ, පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඉකුත් 23 වැනිදා අලුයම 1.00ට පමණ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. පොළොන්නරුව සුරාබදු කාර්යාලයේ නියාමකවරයෙකු ඒ අතර වෙයි. ඒ සමගම අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ සුරාබදු පරීක්ෂකවරයා, ඔහු පැමිණි මෝටර් රථයෙන් පළා ගොස් ඇත. අත්අඩංගුවේ පසු වන සුරාබදු නියාමකවරයා ලබා දුන් ප්‍රකාශ අනූව සුරාබදු පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබිණ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 12:27

    Latest News