එළවළු මිල පහළට

නොවැ 29, 2021

    ආර්ථික මධ්‍යස්ථානවල පසුගිය 22 වැනිදා වන විට පැවැති එළවළු මිල ගණන්වලට සාපෙක්ෂව ඊයේ (28) වන විට එළවළු මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

    ඒ අනුව රුපියල් 230ත් 300ත් අතර පැවැති ගෝවා කිලෝවක මිල ඊයේ (28) සටහන් වූයේ 150ත් 170ත් අතර මිලකටය. රු. 300ත් 200ත් අතර පැවැති බෝංචි කිලෝවක මිල ඊයේ වන විට රුපියල් 120ත් 150ත් අතර පහළ බැස තිබිණි.

    එමෙන්ම රුපියල් 450ක් වූ ලීක්ස් කිලෝව රුපියල් 180-230ත් අතර මිලක් ගත් අතර රුපියල් 350ත් 360 ත් අතර අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 210-240ත් අතර මිලකට ඊයේ (28) අලෙවි විය.

    මේ අනුව සියලුම එළවළු වර්ගවල මිල පැවැති මිලට වඩා දෙකෙන් පංගුවකට වඩා අඩුවෙන් ඊයේ අලෙවි කෙරිණි.

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 10:16

    Latest News