අයිෆල් කුළුණට 130යි

අප්‍රේ 01, 2019

    ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉදිකර වසර 130ක් සැපිරීම නිමිත්තෙන් පැරිස් අගනුවර උත්සව රැසක් සංවිධාන කර තිබේ.

    එය ලොව වඩාත් ජනතා ආකර්ශනය හිමිවූ සිහිවටනයක්. 1889 වසරේ පැරිසියේ පැවති ගෝලීය වෙළෙඳ ප්‍රදර්ශනයේ පිවිසුම් දොරටුව ලෙස මෙය ඉදිකරනු ලැබීය. එහි අරමුණ වූයේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට කුළුණේ සිට නගරයේ මනරම් දසුනක් දැකගැනීමට සැලැස්වීමටයි.

    එහි උස අඩි 1,063ක්. කුළුණ ඉදිකිරීම සඳහා වසර 2ක වැඩි කාලයක් ගතවූ අතර, ඊට සේවකයින් 300ත් 450ත් අතර පිරිසක් එක්ව සිටියි. සිහිවටනයක් වූ එය නැරඹීමට සෑම වසරකම මිලියන 7ක් පමණ සංචාරකයින් පැමිණෙයි.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 08:44

    Latest News