'චික්ෂුලුබ්' නිසා වඳවීගිය ඩයිනෝසරයන්

මාර් 30, 2019

    මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වීම පිළිබඳව නව තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ.

    ඒ අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින්. අමෙරිකාවේ උතුරු ඩකෝටා ප්‍රදේශයෙන් හමුවූ පාෂාණමය කොටස් මූලික කර ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔස්සේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, චික්ෂුලුබ් නමැති ග්‍රාහකයා පෘථිවි පෘෂ්ඨයේ ගැටීමත් සමඟ ඇති වූ අහිතකර පාරිසරික තත්වයන් හේතුවෙන් ඩයිනෝසරයින් සමූහ වශයෙන් විනාශයට පත් වන්නට ඇති බවයි.

    එහිදී මිහිමත දැවැන්තයින් ලෙස හඳුන්වන ටී-රෙක්ස් ඇතුළු ඩයිනෝසර් වර්ග රැසක් විනාශයට පත් වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ වෙතත්, මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරි පර්යේෂණ තුළින් අනාවරණය කර ගැනීමට පර්යේෂකයන් අපේක්ෂා කරයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 12:14

    Latest News