අසල් වැසියන්ගෙන් වරායට වාසියක්

මාර් 19, 2024
    ශ්රී ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වාරයේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා මූල්ය අනුග්රහය දැක්වීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබෙනවා.

    ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 61 දශම 5 මුල්ය ප්රදානයක් මේ සඳහා හිමි වන බවයි, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසන්නේ.

    මහ කොමසාරිස්වරයා සහ අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පසුගියදා අමාත්යාංශ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළි වුණා.
     
    මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් හා යාත්රා ඇතුළු කිරීමට මීටර 30 ක් පමණ වරාය පතුල ගැඹුරු කිරීමට සහ නව දියකඩනයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
     
    මෙම සාකච්ඡාවේ දී මහ කොමසාරිස්වරයා කියා සිටියේ, දෙරට අතර කලාපීය සහයෝගීතාව පුළුල් කර ගැනීමට මෙන්ම, වැඩි සංචාරකයින් ප්රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
     
    එමෙන්ම, ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්රී ලංකාව බව, තම රජය ප්රකාශයට පත් කර ඇති බවද, ඔහු කියා සිටියා.

    Latest News