යල කන්නයේ වවන්න සහන

මාර් 19, 2024
    2024 යල කන්නය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශ සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායී මිලකට පොහොර අලෙවි කිරීමේ යෝජනාව, අමාත්ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

    යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්ය මහින්ද අමරවීර මහතායි.

    2024 යල කන්නය තුළ එක් ගොවියෙකුට වගා කරන ලද උපරිම හෙක්ටයාර 2 ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ඇති.
     
    නියමිත සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට ද අමාත්යවරයා කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    Latest News