ID හදන්න යනවනම් ගාස්තු හරියට දැනගන්න

ඔක් 26, 2023
    ජාතික හැඳුනුම්පත් සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි, මහජන ආරක්ෂක අමාත්යාංශය පවසන්නේ.

    ඒ අනුව, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
     
    ඊට අමතරව, ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ග ගත ක්රමයට ඉදිරිපත් කරන අවස්ථාවක රුපියල් 25 ක් අය කෙරෙනවා.
     
    භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙට්රොනික ක්රමවේදයක් ඔස්සේ, ඒවා ඉදිරිපත් කිරීමේ දී අය කෙරෙන ගාස්තුව රුපියල් 500 ක්.
     
    ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 15,000 ක් අය කෙරෙන බවයි, මහජන ආරක්ෂක අමාත්යාංශය නිවේදනය කරන්නේ.
    මීට පෙර එම ගාස්තුව රුපියල් දසදහසක්.
     
    එම ලියාපදිංචි සහතිකය නැවත අලුත් කිරීම සඳහා පැවති රුපියල් 2,000 ක වාර්ෂික ගාස්තුව රුපියල් 3,000 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

    Latest News