චෙක් ජනරජයේ පළමු "Charter" ගුවන් ගමන අද සිට

ඔක් 25, 2023

    Lot Polish Airlines හි "Charter" ගුවන් ගමන් මෙහෙයුම් මාලාවේ පළමු "Charter" ගුවන් ගමන අද දින, එනම් 2023 ඔක්තෝබර් මස 25 වන දින උදෑසන චෙක් ජනරජයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලගා විය.

    මෙම ගුවන් ගමනට ජාත්‍යන්තර සංචාරකයින් 252 කගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර උණුසුම් පිළිගැනීමේ උත්සවයක්ද බණ්ඩාරනාය ජාත්‍යන්තර ගුවන්තොටුපොළදී පවත්වන ලදි. පළමුව මෙම ගුවන් යානය ජල ආචාරයක් සමඟින් පිළිගනු ලැබූ අතර සාම්ප්‍රදායික පිළිගැනීමේ නැටුම් සංදර්ශනයක් ද පවත්වන ලදි

    මෙම "Charter" ගුවන් ගමන් මෙහෙයුම් 2024 මාර්තු මස 26 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර මෙම "Charter" ගුවන් ගමන් සංවිධානය කර ඇත්තේ චෙක් ජනරජයේ Cedok, Sri Lanka Tourism, සහ Jetwing Travels එකමුතුවෙනි. මීට අමතරව මෙම Lot Polish Airlines සඳහා GSA ලෙස Hayleys aviation කටයුතු කරනු ලබයි.

    Latest News