ධීවරයන්ට ID, බෝට්ටුවට GPS

පෙබ 07, 2019

    ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කිරීමට ඉදිරියේ දී හැඳුනුම්පතක් හා සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන බව, අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 

    අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟකළ සාකච්ඡාවේ දී මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව, මෙම යෝජනාව ඉදිරිපත් විය.

    ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බව නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය. මෙය 2019 අයවැය යෝජනාවට ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් කීය.

    ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාවඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට දතමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහාධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා,කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 16:25

    Latest News