මංගල ගමන

ජූනි 08, 2023

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් ඉන්දියාවේ කොර්ඩේලියා කෘෘස් MV Empress සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කරමින් අද දින ත්‍රිකුණාමලය වරාය වෙත සේන්දු විය.

    ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායෙන් ඉකුත්(05) පිටත්ව තිබූ නෞකාව ඊයේ(07) හම්බන්තොට වරායට ලගාවූ අතර, අද (08) දින ත්‍රිකුණාමලය වරාය වෙත සේන්දු විය.


    රාත්‍රී 3, 4 හා 5 වශයෙන් සංචාරය කිරීමේ පැකේජ අවස්ථා මෙහිදී සංචාරකයන්ට සපයා ඇත. නෞකාවෙන් පැමිණි සංචාරකයින් හට අද දින ත්‍රිකුණාමලේ සංචාරක ස්ථාන නැරඹීමටද අවශ්‍ය පහසුකම් සපයා දී තිබුණි.


    මෙම නෞකාව හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන් වලට යාත්‍රා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 ජූනි 2023 19:56

    Latest News