ජාතියේ කුමර කුමරියෝ

අප්‍රේ 16, 2023

    සොබා සිලෝන් සමගින් ‍2023 ජාතික රූපවාහිනී රූ කිරුළ, අභිසෙස් ලැබුවේ, චාමිනී අනුරාධා. රූ කුමරා ලෙස ප්‍රෂාන් ද සිල්වා අභිෂේක ලැබුවා. 

    ජාතික රූපවාහිනිය, පළමු වරටයි, රූ කුමරා අභිෂේක ගන්වනු ලැබුවේ.

    සො‍බා සිලෝන් සමගින් ජාතික රූපවාහිනී රූ කිරුළ 2023, ඊයේ පස්වරු 5.30 සිට මැදිරි අංක 3 සිට සජීවී ලෙස විකාශ කෙරුණා. අවසන් වටයට කුමරියන් 12 දෙනෙකු හා කුමරුන් 12 දෙනෙකු තරග වැදුණා.කුමර - කුමරියන් තේරීම මෙවරත් සිදු කෙරුණේ, ප්‍රවීණ විනිසුරු මඬුල්ලකගේ සහභාගීත්වයෙන්.

    ප්‍රවීණ නිරූපණ වින්‍යාස අධ්‍යක්ෂ රොසෑන් ඩයස්, ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය චන්දන වික්‍රමසිංහ, රංගන ශිල්පී උදාරි පෙ‍රේරා, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී නදීෂා ද සිල්වා, රංගන ශිල්පී රොෂාන් රණවන, ඇලරික්ස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ‍ඇමැන්ඩා පෙරෙයිරා, ප්‍රවීණ නිරූපණ ශිල්පී චූලා පද්මේන්ද්‍රා යන මහත්ම මහත්මීන් එම විනිසුරු මඬුල්ලයි.

    සොබා සිලෝන් සමගින් ජාතික රූපවාහිනී රූ කිරුළ 2023 හොඳම කේෂ කල්‍යාණිය හිමි කුමරිය බවට පත් වුණේ, යශෝධනී ආලෝක්‍යා.

    හොඳම ඡවි කල්‍යාණිය හිමි කුමරිය, රන්දිකා මධුශානි. රූ කිරුළ 2023 සොබා සිලෝන් බෙස්ට් ෆිගර් කුමරිය වූයේ, තමාෂා අමරසිංහ.රූ කිරුළ 2023 සොබා සිලෝන් සමගින් නිපෝන් පේන්ට් වර්ණවත් කුමරිය ද තමාෂා අමරසිංහයි. සේයා රූ කුමරිය ලෙස අභිසෙස් ලැබුවේ, ඉමාෂා මහේෂිකා. සේයා රූ කුමරු ලෙස මීවන්ත ජයවීර, අ‍භිෂේක ලැබුවා.

    කඩවසම් තරුණයන් අතරින් බෙස්ට් ස්කින් හිමි කුමරු ලෙස අභිෂේක ලැබුවේ, අනෝම සුපුන්. රූ කිරුළ 2023 දක්ෂතම කුමරිය, චාමිණී අනුරාධා. බෙස්ට් ෆිට්නස් කුමාරා ලෙස, පසිඳු මධුෂාන් තේරී පත් වුණා. රූ කිරුළ 2023 නවලිය ජනප්‍රියම කුමරිය, රන්දිකා මධුෂානි.

    සොබා සිලෝන් ජනප්‍රියම කුමාරා ලෙස අභිෂේක ලැබුවේ, පසිඳු මධුෂාන්.සොබා සිලෝන් ජනප්‍රියම කුමරිය රමේෂා ‍ප්‍රබෝධනී. රූ කිරුළ 2023 අවුරුදු කුමරා තෙවැනි ස්ථානය හිමි වුණේ, මීවන්ත ජයවීරට. දෙවැනි ස්ථානය භාෂිත විජේරත්න හිමි කර ගත්තා.

    සොබා සිලෝන් සමගින් ජාතික රූපවාහිනී 2023 රූ කුමරා ලෙස අභිෂේක ලැබුවේ, ප්‍රශාන් ද සිල්වායි.

     

    රූ කිරුළ 2023 අවුරුදු කුමරිය තෙවැනි ස්ථානය ඉමාෂා මහේෂිකාට හිමි වුණා. දෙවැනි ස්ථානය තමාෂා අමරසිංහ විසින් හිමි කර ගත්තා. සොබා සිලෝන් සමගින් ජාතික රූපවාහිනී 2023 රූ කුමරිය ලෙස අබිසෙස් ලැබුවේ, චාමිණී අනුරාධා.

    Latest News