කිරි තේ මිල පහළට

මාර් 25, 2024
    ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

    ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට තීරණය කෙරුණි.
    Last modified on සදුදා, 25 මාර්තු 2024 13:24

    Latest News