අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු යුක්තියට කොටු වෙයි

මාර් 25, 2024
    යුක්තිය මෙහෙයුම යටතේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී එක් සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 160ක්ද සමගින්.

    ඔහු කොටහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.
    බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු කළ වැටලීමකදී අනෙක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 230ක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකුය.
    ලද තොරතුරු මත මෙම වැටලීම් දෙකම සිදු කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

    Latest News