නැවි 2ක් ගිනිබත්

මාර් 25, 2024
    යුක්රේනය, රුසියාවට අයත් නෞකා දෙකක්, විනාශ කර තිබෙනවා. ඒ, ක්රිමියානු අර්ධද්වීපයට ඔබ්බෙන්වූ මුහුදේ දී බවයි වාර්තා වන්නේ.

    රුසියානු නාවික හමුදාවට අයත් යමල් සහ අස්ඕව් නමැති මෙම නෞකා දෙක, හමුදා සාමාජිකයින් සහ යුද උපකරණ ගොඩබෑමට යොදා ගැනුණා.

    යුක්රේන හමුදාව පවසන්නේ, මිසයිල සහ ඩ්රෝන අධාරයෙන් මෙම නෞකාවලට ප්රහාර එල්ල කෙරෙනු බවයි.
     
    රුසියානු බලධාරීන් මේ පිළිබඳව තවමත් කරුණු දක්වා නැහැ. යුක්රේනය, ක්රිමියානු අර්ධද්වීපයේ ඇති රුසියානු සන්නිවේදන මධ්යස්ථානයක් සහ අනෙකුත් යටිතල පහසුකම් රැසකට ද ප්රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
     
    යුක්රේනය එල්ල කළ මිසයිල 10ක් පමණ බිම හෙළා ඇති බව රුසියාව පවසනවා. යුක්රේනය එල්ල කරන ලද මිසයිල ප්රහාර මාලාවේ ප්රතිඵලයක් ලෙස නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් රැසකටහානි සිදුව ඇති බවයි, රුසියානු බලධාරීන් කියා සිටින්නේ.

    Latest News