බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට යළි තරගයක්

ඔක් 21, 2022

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ධූරයෙන් ඉවත් වීමත් සමග එරට කන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා යළි තරගයක් හටගෙන තිබෙනවා.

    ඇය පවසන්නේ ලබන සතියේ නව පක්ෂ නායකයා තෝරා පත්කර ගන්නා බවයි.

    නව පක්ෂ නායකයෙකු පත් කරගන්නා තෙක් තමා ධූරයේ රැඳී සිටින බවද, ලිස් ට්‍රස් ප්‍රකාශ කරනවා. හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද පක්ෂ නායකත්වයට තරඟ කරනු ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ලිස් ට්‍රස් මහත්මිය පක්ෂ නායකත්වයට පත් වීමට තරඟ කළ අවස්ථාවේ ඊට විරුද්ධ වූ කිසිදු මන්ත්‍රීවරයෙක් මෙවර පක්ෂ නායකත්වයට තරඟ කරන බව, ප්‍රකාශ කර නැහැ. ඉකුත් සතියේ නව මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් ජෙරමි හන්ට් සඳහන් කර ඇත්තේ, තමා පක්ෂ නායකත්වය සඳහා තරඟ නොකරන බවයි, අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් බලයේ සිටියේ දින 45 ක කාලයක් පමණයි. පක්ෂ මන්ත්‍රීවරුන් ඇයට ඉල්ලා අස්වීමට දැඩි බලපෑමක් එල්ල කිරීම හේතුවෙන් ධූරය හැර යාමට සිදුවුණා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඇය විසින් ගන්නා ලද ආර්ථික ප්‍රතිපත්ති වල තිබූ ගැටලු ඊට හේතු වී ඇති බවයි.

    Latest News