ඉකුත් සතියේ මැද පෙරදිග ආසාදිතයින්ගේ වැඩිවීමක්

පෙබ 10, 2022

    මැදපෙරදිග රටවල ඉකුත් සති කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

    අඩු එන්නත්කරණ අනුපාතය ඊට හේතුව බවයි වාර්තා වන්නේ. මේ බව පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රාදේශීය කාර්යාලයයි.

    ඉකුත් සති 6 ඇතුළත මැදපෙරදිග රටවල දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සාමාන්‍ය ලක්ෂයකට වැඩි බව හෙළි වී තිබේ. අදාළ කාල සීමාවේ එම රටවල දෛනික කොවිඩ් මරණ අනුපාතය 345ක් බවට වාර්තා විය.

    මැද පෙරදිග රටවල මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 35%ක ජනගහනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවල සඳහන්.

    Latest News