පා.ම. මුජිබර්: රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය උප්පැත්ති දෝශයක් (වීඩියෝ)

මැයි 20, 2019

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගය මුල් අවස්ථාවේ දීම අවුල් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට පසුගිය දා බාර දෙනු ලැබිණ. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 64ක් අත්සන් තබා ඇත.

    එම විශ්වාසභංගයට යොදා ඇති දිනය වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. එවැනි විශ්වාසභංගයක අන්තර්ගතය කෙතරම් අවුල් සහගත වන්නේද යන කරුණ සිතා ගත හැකි බව ඔහු අවධාරණය කරයි. එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට දිනයක් නියම වී නොමැති බැවින් කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ හැටියට තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අතරම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය ත්‍රස්තවාදයට සම්බන්ධ විශේෂ මහ අධිකරණයක් තුළින් ඉතා ඉක්මනින් දඬුවම් දිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය මහාධිකරණයක් තුළින් සිදුවන නඩු කටයුතු සඳහා ඉතා විශාල කාලයක් ගතවන බැවින් ඊට අදාළ චූදිතයන්ට එයින් ගැලවීයාමට අවස්ථාව උදාවන බවයි. ඇතැම් නඩු විභාගයන් අවුරුදු 10ක් පමණ කල්  ගත වන බැවින් ඊට අදාළ සාක්ෂිකරුවන් ද නඩු කටයුතු සඳහා සොයා ගැනීමට නොමැතිව යන තත්වයක් ඇති වේ. අදාළ චූදිතයන්ට ඉන් නිදහස් වීමට මාර්ග උදාවන බව ඔහු පවසයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 22:43

    Latest News