මෛත්‍රී අද CID යට

මාර් 25, 2024
    හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්රදේශයේදී ප්රකාශයක් සිදුකර තිබුණා.

    අනතුරුව, අදාළ ප්රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබුවා.
     
    අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News