අනුර කැනඩාවට

මාර් 21, 2024
    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) කැනඩාව බලා පිටත්ව යෑමට නියමිතයි.

    ඒ, කැනඩාවේ ජීවත් වන ශ්රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහායි.

    ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදීද පැවැත්වෙනු ඇත.
     
    මෙම ප්රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇත.
    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2024 08:22

    Latest News