අධිකරණය 'එක්ස්ප්‍රස් පර්ල්' පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා ඉල්ලයි

ජන 05, 2022

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය ජනවාරි මස 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය අද සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට නියෝග කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

    එම අවස්ථාවේ දී අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින ගිනිගත් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    එම අවස්ථාවේදී සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.

    ඒ අනුව පැමිණිල්ල නැවත ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස සමුද්‍ය දූෂණ වැලැක්වීමේ අධිකාරියට නියෝග කළේය.

    Latest News