ප්‍රදේශ කිහිපයකට විදුලි බිඳ වැටීමක්.....

නොවැ 29, 2021

    මහවැලි - වික්ටෝරියා විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලි ඇණහිට ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    වික්ටෝරියා සිට අනුරාධපුරය සහ බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගවල මෙම බිඳවැටීම සිදුවී ඇති බවයි, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ. විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත්කරමින් සිටින බව ඔහු කියා සිටියා.

    Latest News