දැවි දැවී අළු වෙන ගාසා

අප්‍රේ 11, 2024
    ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හිනියේ ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව, එම සංවිධානය තහවුරු කර තිබෙනවා. ඔවුන් ගමන් කරමින් තිබූ මෝටර් රථයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බවයි, වාර්තා වන්නේ.

    එම මෝටර් රථය ප්‍රහාරයට ලක්වූයේ, ගාසා නගරය ආසන්නයේ අල්ෂාටි කඳවුර අසල දී. මොවුන්, රාමසාන් හි පළමු නිවාඩු දිනය සැමරීමට පවුලේ උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටියදී යි, ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

    ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බවයි‍. මෙම ප්‍රහාරයත් සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ඉලක්ක ‍කර ගනිමින්, හමාස් සංවිධානය සිදු ‍කෙරෙන සාකච්ඡාහි කිසිඳු ඉල්ලීමක් වෙනස් නොකරන බවයි, නායක ඉස්මයිල් හනීයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
    හසේන් අමීර් මුහම්මද්, පුතුන් තිදෙනා යුද්ධය අතරතුර ගාසා තීරයේ රැදී සිටි අය බවයි හනීයේ, අල්ජසීරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

    Latest News