ගල්කිස්ස වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන අද

නොවැ 22, 2020

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ.

    ගල්කිස්ස වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (22) උදේ පැවැත්විණ.

    මෙය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දිවයින පුරා පවත්වන වැඩසටහන් මාලාවේ තවත් ඒක් වැඩසටහනක්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ද මීට හිමිවූ අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව වැඩසටහන සංවිධාන කර තිබිණ. සමුද්‍රිය හා පරිසර අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී රහඳපුර මහත්මිය ඇතුළු පිරිසක් මීට ඒක්ව සිටියහ.

    Latest News