රෆා දිය යට ගිනි

අප්‍රේ 10, 2024
    ගාසා තීරයේ රෆා නුවර, යුද මෙහෙයුමට දින නියම කර ඇතැයි, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

    සටන් විරාමයක් සදහා ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවති සාකච්ඡා පිළිබඳ වාර්තාව තමන්ට ලැබුණු බවද ඔහු කියා සිටිනවා.

    කෙසේ වෙතත් හමාස් සංවිධානය පරාජය කිරීමත් හමාස් සටන්කාමින් රදවා සිටින ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් යන පරමාර්ථයන් අත් නොහරින බව ඔහු අවධාරණ කර සිටියා.
     
    හමාස් සංවිධානය පරාජය කිරීමට රෆා නුවර යුද මෙහෙයුමක් සිදු කිරීමට අවශ්ය බවත් එයට දින නියම කර ඇති බවටයි, මාධ්ය හමුවේදී ඊශ්රායල අග්රාමාත්යවර ප්රකාශ කර සිටියේ.
    කෙසේ වෙතත් මෙහෙයුම දියත් කරන නිශ්චිත දිනය මාධ්ය හමුවේදී ඔහු ප්රකාශ කර නැහැ.
     
    රෆා නුවර දියත් කිරීමට නියමිත යුද මෙහෙයුමට විරුද්ධ වන බව දවල මන්දිරය මීට පෙර ප්රකාශ කර තිබෙනවා.
     
    මීට අමතරව ඊශ්රායල සැලසුම් කර ඇති රෆා ප්රහාරය නතර කරන ලෙස ඊශ්රායල රජයට බලකරමින් ජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල්-සිසි, ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්රකාශයකින්ද නිකුත් කර තිබුණා.
     
    රෆා නුවර මේ වනවිට මිලියනකට අධික පලස්තීන සරණාගතයින් පිරිසක් එහි රැදී සිටිනවා.

    Latest News